‘ජුරාසික් පාර්ක්’ සහ ‘ද පියානෝ’ රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි

Oscars Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 13, 2026 06:35 AM GMT
Report

ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට ඇතුළු ලොව ජනප්‍රිය නිර්මාණ රැසක රංගනයෙන් දායක වූ නවසීලන්ත නළු සෑම් නීල් වයස අවුරුදු 78දී අභාවප්‍රාප්ත වී තිබේ.

‘ද පියානෝ’ සහ ‘ජුරාසික් පාර්ක්’ වැනි ලොව පුරා ජනප්‍රිය වූ චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ සෑම් නීල්ගේ අභාවය ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර ඇත.

ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර නොමැති නමුත්, 2022 වසරේදී ඔහුට තෙවැනි අදියරේ ලියුකේමියාව වැළඳී ඇති බව හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත්, සෑම් නීල් පසුගියදා සඳහන් කර තිබුණේ එම රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි.

පවුලේ සාමාජිකයින්ගේ ආදරය සහ සෙනෙහස මධ්‍යයේ සෑම් නීල් සිය ජීවිතයේ අවසන් මොහොත ගත කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

ඔහුගේ අභාවය හදිසි හා අනපේක්ෂිත පාඩුවක් ලෙස සැලකෙන අතර, එය ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි ශෝකයක් ඇති කර තිබේ.