ජූලි අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත

Latest Headlines Sri Lanka Banks Aswasuma Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 07:59 AM GMT
Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812ක් සඳහා රුපියල් 9,357,346,250ක මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647ක් සඳහා රුපියල් 2,468,250,000ක මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, අද දිනයේ අදියර දෙක යටතේ පවුල් 1,224,459ක් සඳහා සමස්ත වශයෙන් රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිතව තිබේ.