"වැල්ලෙත් බඹර කැරකෙන, හැම අතින්ම වාසනාව ගෙන දෙන ප්‍රබල ග්‍රහ යෝගයක්.. " - බලන්නකො ඔයාගේ ලග්නයට අද කොහොමද කියලා.

Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 27, 2023 12:11 AM GMT
Report

මේෂ 🟢

අද ඔබට ඉතාම ශුභ දවසක්.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය.සතුටින් කාලය ගෙවයි.සෞම්‍ය හැඟුම් පහළ වේ. සංගීතයට සහ කලාවට ප්‍රිය කරයි.

වෘෂභ 🟢

අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙයි. උසස් මිතුරන් ඇසුරු කරයි. ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

මිථුන 🟢

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ.දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වේ.ඒ හේතුවෙන් අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

කටක 🟢

අද ඔබට ඉතාමත් ශුභයි.ව්‍යාපාරවල නිරත වන්නන්ට ශුභ දවසක්.එමෙන්ම අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි.

සිංහ 🟢

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.

කන්‍යා 🟢

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. සිතේ සෞම්‍ය හැඟුම් පහළ වේ.

තුලා 🟢

අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. ප්‍රතිපත්ති ගරුක අවංක අදහස් ඉස්මතු වේ.එමෙන්ම අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

වෘශ්චික 🟢

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාමත් ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි.

ධනු 🟢

අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට අද ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. ශරීර සෞඛ්‍ය හීන වේ.ඒ බැවින් මානසික තෘප්තිය අඩු විය හැක.රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇති කරයි.

මකර 🟢

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. සිතේ සෞම්‍ය හැඟුම් පහළ වේ. රූප ශෝභාව සහ උසස් ගතිගුණ ඇති කරයි. බාහිර අලංකාරයට හා විනෝදයට සිත ඇදී යයි.සංගීතයට සහ කලාවට ප්‍රිය කරයි.

කුම්භ 🟢

ඔබට අද මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.අවංක අදහස් ඉස්මතු වේ. අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

මීන 🟢

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබෙයි.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත.අන්‍යයන්ගේ ගෞරවය දිනා ගනී.

ඔබ රැකියා ස්ථානයේදී ඉතා කල්පනාකාරී වන්න - දිනය ආරම්භයට පෙර ඔබගේ සුභ අසුභ ඵල මෙතැනින් බලන්න..

ඔබ රැකියා ස්ථානයේදී ඉතා කල්පනාකාරී වන්න - දිනය ආරම්භයට පෙර ඔබගේ සුභ අසුභ ඵල මෙතැනින් බලන්න..