ජොන්ස්ටන් ගේ නඩුවට සිදු වූ දේ

By Sithumi Nov 25, 2022 11:14 AM GMT
Report

හිටපු ඇමති ජොන්ස්ටන් ගේ අල්ලස් නඩුවේ පූර්ණ නඩු විභාගය දෙසැම්බර් නව වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියම කළේය .

මෙම නඩුව අද (25) කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

2012 වසරවලදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now