ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට භාරවෙයි..!

Parliament of Sri Lanka Johnston Fernando Sri Lanka Politician Sri Lanka
By Sithumi Jun 09, 2022 12:38 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට භාරවී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ පෙනී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අභියාචනාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණේ අද (09) රාත්‍රී 08ට පෙර අධිකරණයට භාරවන ලෙසයි.

මැයි 09 වැනි දින ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධවයි හිටපු අමාත්‍යවරයාව පොලිස් අත් අඩංගුවට ගැනීමට මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ. ඊට අදාළව අභියාචනාධිකරණය විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now