අද රාත්‍රී 8 ට පෙර වහාම භාරවෙන්න..! ඇමති ජොන්ස්ටන්ට අධිකරණයෙන් ලැබුනු නවතම නියෝගය..

Johnston Fernando Sri Lanka
By Sewvandhi Jun 09, 2022 09:47 AM GMT
Report

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබාදෙනතුරු අධිකරණයට ඉදිරිපත් වන ඒ මහතා සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අභියාචනාධිකරණය මහේස්ත්‍රාත්වරයාට නියම කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now