බිහිසුණු ගින්නෙන් ළමුන් 12ක් ඇතුළුව 74ක් මරුට (විදෙස්)

By Sewvandhi Sep 01, 2023 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය පවසන්නේ, ජොහැන්නස්බර්ග් නුවර මහල් පහක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 74 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බවයි.

බලධාරීහු පවසන්නේ, තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තවමත් ගින්නට හේතුව අපැහැදිලි බවයි.

මීට පෙර, ජොහැන්නස්බර්ග් නගරය මෙම ගොඩනැගිල්ල තමන් සතු බව තහවුරු කළ නමුත් කාටෙල් විසින් එය පවරාගෙන ඇති බව පසුව පවසා තිබෙනවා.

ගින්න ඇති වූ ස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති සිරිල් රමපෝසා පැවසුවේ සිද්ධිය විමර්ශනය කර අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට පාඩම් ඉගෙන ගත යුතු බවයි.

ගින්න හටගත් ප්‍රදේශය අවට බොහෝ ගොඩනැගිලි වාසයට නුසුදුසු යැයි සලකනු ලබනවා මෙම ගොඩනැගිලි භාවිතා කරන සමහර අය අතර බොහෝ විට වෙනත් අප්‍රිකානු රටවලින් පැමිණි ලේඛනගත නොවූ සංක්‍රමණිකයන්ද ඇතුළත් බවයි පැවසෙන්නේ.

දකුණු අප්‍රිකාව නිදන්ගත නිවාස හිඟයකට මුහුණ පා සිටින අතර, ජොහැන්නස්බර්ග් හි නිවාස නොමැති පුද්ගලයින් 15,000ක් ඇස්තමේන්තු කර තිබෙනවා .