ඇමරිකානු ජනපතිගේ පිළිකා තත්ත්වය ගැන ධවල මන්දිරයෙන් නිවේදනයක්.

Joe Biden
By krishani Mar 05, 2023 02:47 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවන බව ධවල මන්දිරයේ වෛද්‍ය Kevin O’Connor පවසයි.

පෙබරවාරි මාසයේ දී අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමෙහි තිබූ සෛල පිළිකාවක් සහිත තුවාලය ඉවත් කළ බැවින් ඔහුට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත් සියලුම පිළිකා පටක සාර්ථකව ඉවත් කර ඇති නමුත් ඔහුගේ චර්ම රෝග නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරන බවත් ධවල මන්දිරයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය මාසයේ දී වෛද්‍යවරු ජෝ බයිඩ්න්ට සිදු කළ ශාරීරික පරීක්ෂණයකින් පසු ඔහු රාජකාරි කටයුතු සඳහා සුදුසු බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join