ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන එලියට ආ වාර්තාව..

Joe Biden United States of America
By Sewvandhi Feb 17, 2023 09:33 AM GMT
Report

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සුදුසු තරමේ සෞඛ්‍ය සම්පන්න බවකින් සහ ජවසම්පන්න භාවයකින් සිටින බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වොෂින්ටන් ප්‍රදේශයේ රෝහලකදී පැය තුනක ශාරීරික පරීක්ෂණයක් කිරීමෙන් පසු මෙය වෛද්‍යවරයා විසින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

80 හැවිරිදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට මෙතෙක් සිටි වයස්ගතම ජනාධිපතිවරයා බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ඔහු දෙවන ධුර කාලය සඳහා ද ඉදිරිපත් වන බව නුදුරේදීම ප්‍රකාශ කරනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now