ලෝකප්‍රකට ජෙෆ් බෙක් දිවිගමනට සමුදෙයි..!

By Sewvandhi Jan 12, 2023 04:19 AM GMT
Report

ලෝක ප්‍රකට ගීටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ නිල වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිල නිවේදනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණි. 1963 වසරේදී ලන්ඩනයේදී ආරම්භ කළ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

එමෙන්ම ඔහු රෝලිං ස්ටෝන් සඟරාවේ ලොව ශ්‍රේෂ්ඨතම ගීටාර් වාදකයින් සිය දෙනා අතර පස්වන ස්ථානයේ පසු වුණි.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now