ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
Japan Sri Lanka Relationship
Sri Lanka Navy
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමාණ්ඩර් KUBO Takayuki මහතා අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ.
මෙම නිල හමුවේදී, 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙත KUBO Takayuki මහතා සිය සුභාශිංසන පිරිනමා ඇත.
අනතුරුව, ශ්‍රී ලංකාව සහ ජපානය අතර නාවික හමුදා සහයෝගීතාව ඇතුළු දෙරටට වැදගත් ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකර ඇති බව වාර්තා වේ.