ශ්‍රී ලංකාව ගැන ජපන් රජයේ ස්ථාවරය කියයි

Sri Lanka Economic Crisis Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Sewvandhi Sep 23, 2022 10:35 AM GMT
Report

අනෙකුත් මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් සහායවීමට සිය රට කැමැත්තෙන් සිටින බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයකි මහතා පවසයි. ඔහු ඒ බව පවසා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකොෂි හිදෙයකි,

"පළමුවෙන්ම මම ප්‍රශංසා කරන්න කැමතියි.. නව රජය පත්වීමත් සමග මෙරට සමාජ ආර්ථික තත්ත්වයේ යම් ස්ථාවරභාවයක් ඇතිවීම ආරම්භවීම ගැන." "කෙසේනමුත් අප වටහාගෙන සිටිනවා. ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර ආර්ථික වතාවරණයක සිටින බව." "අපේ මානූෂිය සහාය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, තවත් අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක අතිරේක මානූෂීය ආධාර ලබාදීම දැන් ප්‍රකාශයට පත්කෙරුණා." "අනෙකුත් මිතුරු රටවල් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වන්න අප කැමත්ත පළකරනවා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW