හදිසියේම ජපානයේ ආරක්ෂාව තර කෙරේ..!

Japan
By Sewvandhi May 29, 2023 09:00 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබේ.

මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන් චන්ද්‍රිකාවක් එළිදැක්වීමට නියමිත බවට උතුරු කොරියාව, ජපානයට දැනුම් දීමෙන් පසුවයි ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ.

නමුත් ජපානය පවසන්නේ තම භූමියට තර්ජනයක් වියහැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට තමන් පසුබට නොවන බවය.

උතුරු කොරියාව පවසන්නේ තමන් විසින් නිපදවූ ඔත්තු සෙවීමේ චන්ද්‍රිකාව එසේ කක්ෂගත කිරීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now