ජපානයේ ඔකිනාවා ලේ පැහැයට හැරෙයි - (PHOTOS)

Japan
By Sewvandhi Jun 29, 2023 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජපානයේ ඔකිනාවා වරායේ ජලය ලේ පැහැ රතු වර්ණය ගැන්වී තිබෙනවා.

ඔරියන් බෲවරීස් සමාගමේ සභාපති හමිජේ මුරාණෝ ජපන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ඔරියන් බෲවරීස් නම් ලාගර් බීර නිෂ්පාදනය කරනු ලබන තම සමාගමේ කර්මාන්තශාලාවේ සිසිලන පද්ධතියකින් සිදුවු වර්ණ කාන්දුවීමක් හේතුවෙන් මෙම ආහාර වර්ණකය විශාල වශයෙන් ඔකිනාවා ගංගාවට මුසුවී ඇති බවටයි.

මේ අතර, කිනාවා නගෝ නගරයේ පදංචිකරුවන් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම වර්ණක ගංගා ජලයට එක්වීම ඔවුන්ට මහත් කරදරයක් හා කනස්සල්ලක් බවයි.

මේ පිළිබඳව ඔරියන් බෲවරීස් සමාගම ප්‍රදේශයේ ජනතාවගෙන් සමාව අයද සිටින අතරම මෙම ජලයට මුසුවූ වර්ණක නිසාවෙන් කිසිදු සෞඛ්‍යමය ගැටළුවක් ඇති නොවන බවත් නැවත මෙවන් තත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවද අවධාරනය කර ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ ඔකිනාවා ගංගාව ආශ්‍රිතව මසුන් ඇල්ලීම හා අන්නාසි ගොවිපොළවල් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබීම නිසා එය ජපන් ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ද හිමිකරගෙන තිබෙනවා

GalleryGalleryGalleryGallery