බිහිසුණු භූකම්පනයෙන් දින හතරකට පසුව බේරාගත් කාන්තාව - (VIDEO)

Japan Earthquake
By Sewvandhi Jan 07, 2024 03:32 PM GMT
Report

සහන සේවකයින්,  ජපාන භූකම්පනය සිදුවී දින 04කට පසු සුන්බුන් අතර සිරවී සිටි වයෝවෘද්ධ කාන්තාවක් මුදාගැනීමට සමත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට සුසූ ප්‍රදේශයේ මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි වයස අවුරුදු 90ක කාන්තාවක් මෙලෙස මුදාගෙන ඇති බවය.

පසුගිය සඳුදා ජපානයට බලපෑ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 120ක් මියගිය අතර 200කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටියි.

භූකම්පනයෙන් දින 03කට පසුව 81 හැවිරිදි කාන්තාවක් ද මීට පෙර සහන සේවකයින් විසින් මුදාගෙන තිබුණි.

Sponsored By Sarrita Jewellery

බිහිසුණු භූකම්පනයෙන් දින හතරකට පසුව බේරාගත් කාන්තාව - (VIDEO) | Japan Earthquake