චීනය හා ජපානය ගැටෙයි - රටවල් ගණනාවක් කැළඹූ හේතුව මෙන්න..
                                    
                    Japan
                
                                                
                    China
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (24) ජපානය විසින්, විනාශ වූ ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කළේය. කෙසේවෙතත් මෙම ක්‍රියාව ගැන අසල්වාසී රටවල විරෝධය එල්ල වී ඇති බව වාර්තා වෙයි.
එම නිසා ජපානයෙන් මුහුදු ආහාර (Seafood) ආනයනය තහනම් කිරීමට චීනය පියවර ගෙන ඇති අතර වාර්ෂිකව ඩොලර් මිලියන 600ක් පමණ වටිනා ජලජ නිෂ්පාදන (මාළු ද ඇතුළුව) ජපාන සමාගම් චීනයට අපනයනය කරයි.
නමුත් චීනයේ ක්‍රියාවට ජපානය සිය විරෝධය පළ කළේ, විද්‍යාත්මකව සිදුකරන ක්‍රමවේදයකට එරෙහිව පුහු මත ඉදිරිපත් කරන බව පවසමිනි.
ජපානයේ ෆුකුශිමා කලාපයේ පිහිටි ඩයිචී න්‍යෂ්ටික බලාගාරය 2011 දී හටගත් දරුණු භූ චලනයකින් අනතුරුව හටගත් සුනාමියෙන් විනාශ විය.
 
එහි අඩංගු විකිරණශීලී ජලය ඉවත්කර එම බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කිරීම එම බලාගාරය සතු සමාගමේ අභිප්‍රාය වේ.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    