ජනවාරි 09 වන දින සියල්ල විසුරුවා හරියි.. සභාවට දැනුම් දෙයි..

Provincial Council Sri Lanka Politician Sri Lanka
By Aruna Dec 15, 2022 06:47 AM GMT
Report

එළැඹෙන ජනවාරි මස 09 වැනිදා සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා සඳහන් කළේය.

ඔහු සභා රැස්වීම අමතමින් කියා සිටියේ මෙය මෙම සභාවේ අවසන් රැස්වීම් වාරය විය හැකි බවයි.

සභාව පවත්වාගෙන යාමට සහාය දුන් මහජන නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ස්තුති කරන බවද හෙතෙම සඳහන් කළේය.

තමාට ලැබෙන තොරතුරු හා දැනුවත් කිරීම් මත එළැඹෙන ජනවාරි 09දා පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා හැර මැතිවරණයකට යාමට සූදානමක් ඇතැයි ද හෙතෙම කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now