ජනකගේ විදුලි ගාස්තු පෙත්සමට අධිකරණය දුන් නියෝගය..!

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi Jul 17, 2023 02:01 PM GMT
Report

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

අද (17) ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවු අතර එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ පෙත්සම් සලකාබැලීම ලබන 19 වනදා කැඳවන ලෙසය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විධිමත් අවසරයක් ලැබී නොතිබූ බවයි, පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, අදාළ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු ක්‍රමය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.