නව වාර්තාවක් තැබූ රජිනිකාන්ත්ගේ "ජේලර්" චිත්‍රපටය - නොහිතපු ආදායමක්..
India
Actors
Tamil Movie Review
Actress
By krishani
2 years ago
පසුගිය 10 වැනි දින රජිනිකාන්ත්ගේ ‘ජේලර්’ චිත්‍රපටය ලොව පුරා තිරගත විය.
ඒ සඳහා සිවරාජ්කුමාර්, මෝහන්ලාල්, රම්‍යා ක්‍රිෂ්ණන්, තමන්නා, වසන්ත් රවී විනායක්, යෝගී බාබු සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් රංගනයෙන් දායකත්වය සපයන ලදී.
ජේලර් චිත්‍රපටය ඇමරිකාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු විදෙස් රටවල් රැසක සිනමාහල් රැසක ප්‍රදර්ශනය වේ.
පළමු දිනය තුළ පමණක් තමිල්නාඩුවේ දී ඉන්දීය රුපියල් කෝටි 25 ආදායමක් උපයා තිබෙන මෙම චිත්‍රපටය පළමු දිනයේම ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ඇත.
මේ අතර දින 16ක් ගත වන විට ජේලර් චිත්‍රපටය, ලෝකය පුරා කෝටී 600ක ආදායමක් උපයා තිබෙනවා.