යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයෙක්ට සිර මැදිරියේ දී ම එකවරම වුණ දෙය..

Jaffna Crime Death Prisons in Sri Lanka Prison
By krishani Apr 02, 2024 10:02 AM GMT
Report

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පූබාලසිංහම් තවකුමාර් නැමැත්තාට මරණීය දණ්ඩනය නියම විය.

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතකයෙක්ට සිර මැදිරියේ දී ම එකවරම වුණ දෙය.. | Jaffna Vidya Girls Killer Dies In Prison

ඔහුව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි අතර හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් තිබෙනවා.

එම රෝගී තත්ත්වය හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඔහුව ඇතුළත් කර ඇත.

එලෙස ඇතුළත් කර සුළු වේලාවකට පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට ඔහු 39 වැනි වියේ පසු වූ අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් වේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව තහවුරු කරගත හැකි බව සඳහන් වේ.

කෙසේ වෙතත්, විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්විස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබීය.