රියදුරා සහ සිසුන් නවදෙනෙකු රෝහල්ගත කළ බිහිසුණු අනතුර
පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝ ද රථයක් පෙරළී යාම නිසා සිසුන් 9 දෙනෙකු හා ත්‍රීරෝ ද රථයේ රියදුරා තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ විදුහල් දෙකක පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝ ද රථයකුයි. මෙම අනතුරින් තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
අද උදෑසන ත්‍රීරෝ ද රථ දෙකකින් පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබියදී එක් ත්‍රීරෝ ද රථයක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම ත්‍රීරෝ ද රථයේ සිටි සිසුන්ද අනෙක් ත්‍රීරෝ ද රථයේ නංවා ගෙන ගමන් කරමින් සිටියදී ත්‍රීරෝ ද රථය තාප්පයක ගැටී පෙරළී යාම නිසා මෙම අනතුර සිදු ව ඇති බවයි යාපනය පොලිසිය සඳහන් කළේ.
අනතුරට පත්ව ඇත්තේ යාපනය කොලුම්පුතුරේ හින්දු විද්‍යාලයේ හා කොලුම්පුතුරෙයි තුරෙයිරාසා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් නව දෙනෙකි.
තුවාල ලැබූ දස දෙනාගේම තත්ත්වය අසාධ්‍ය නොවන බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට සිටි අතර සිද්ධියෙන් කෝපයට පත් දෙමව්පියන් පිරිසක් කාර්මික දෝෂයට ලක් වූ ත්‍රීරෝද රථයේ රියදුරාට පහර දීමට උත්සහ කොට ඇත්තේ ළමයින් නිසි ලෙස පාසලට රැගෙන යාමට ඔහු අපොහොසත් වූ බව කියමිනි. යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.