ඒක පාර්ශවීය ප්‍රේමයක් නිසා 05 දෙනෙකු රෝහලට යැවූ ඛේදවාචකය..

Police spokesman Sri Lanka Police Jaffna Accident
By Aruna Sep 17, 2023 06:16 AM GMT
Report

ඒක පාර්ශ්වීය පෙම් සබදතාවයකට තරුණිය හා ඇගේ දෙමව්පියන් කමැත්ත පල නොකිරීම නිසා යාපනයේ තාවඩි ප්‍රදේශයේ නිවසකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පස් දෙනෙකු තුවාල ලබා 16 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වනවා.

යාපනයේ තාවඩි වන්නිසිංහම් පාරේ පිහිටි මෙම නිවසේ සිටි තරුණියක් පිළිබදව යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේ තරුණයෙකුට සිතක් පහල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

තරුණියගෙන් මේ පිළිබදව විමසූ අවස්ථාවේදී ඇය ඊට අකැමති වී ඇති අතර පසුව එම තරුණයා තරුණියගේ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරමින් තරුණිය විවාහ කොට දෙන ලෙස යෝජනා කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවටද සියළු දෙනා විරුද්ධ වීමෙන් පසුව තරුණයාගේ යහලුවන් පිරිසක් සමග පැමිණ එම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් නිවසේ සිටි පස් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර නිවසටද නිවසේ නතර කොට තිබූ ත්‍රී රෝද රථයකට හා යතුරු පැදියකටද අලාභ හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

වෑන් රථයක් තාප්පයක ගැටී 06ක් රෝහලට යවයි.(PHOTOS)

වෑන් රථයක් තාප්පයක ගැටී 06ක් රෝහලට යවයි.(PHOTOS)