දරුවට තරවටු කළාට හොදටම කේන්ති ගිය පියා පාසලට ගිහින් ගුරුවරයෙක්ට ගහලා..
යාපනයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබනා සිසුවෙකුගේ පියෙකු එම පාසලේ ගුරුවරයෙකුට පහරදීමේ පුවතක් වාර්තා වේ.
එයට හේතුව සිය දරුවාට තරවටු කිරීම බව වාර්තා වේ.
දරුවා පාසලේ ඉගැන්වීමේ කාලච්ඡේදයක් පටන් ගැනීමට පෙර වැසිකිළිය ගොස් ඇත.යළි පන්ති කාමරයට පැමිණීමට ප්‍රමාද වීම මත පාසලේ ක්‍රීඩා හා විනය භාර ගුරුවරයා දරුවාට තරවටු කර ඇත.
එයට උරණ වූ දරුවාගේ පියා පාසලට පැමිණ ගුරු විවේකාගාරයට ගොස් අදාළ ගුරුවරයාට බැණ වැදී පසුව පහර දී ඇත.
බරපතළ තුවාල ලැබූ ගුරුවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් පරිපාලනය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට ද පැමිණිලි කර ඇත.සිදුවීම සම්බන්ධයෙන් සැකකාර පියා අත් අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන අතර සැකකරු නිවෙසින් පලා ගොස් ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |