ජැක්සන් ඇන්තනී ඇඳමත ඉද්දි සිදු වූ අත්භූත දේ ගැන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රථම වරට මාධ්‍යයට හෙළිකරයි.(VIDEO)

Cinema Lead Sri Lanka Colombo National Hospital Jackson Anthony Death
By Aruna Oct 09, 2023 05:49 AM GMT
Report

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් එහි තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහි දී සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.

රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දී ප්‍රථිකාර ලබමින් සිටියදීයි.

මියයනවිට ඒ මහතා 65වැනි වියේ පසු විය.

පසුගිය 2022 වසරේ ජුලි මස 22 වනදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී හදිසි අනතුරකට ලක්ව තිබුණා.

එහිදී බරපතල තත්ත්වයෙන් සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රොහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) අලුයම මෙලෙස අභාවප්‍රාප්ත වුණා.

මේ අතර අද දින දිවි ගමනට සමු දුන් ජැක්සන් ඇන්තනි මහතාගේ මරණයට තුඩු දුන් ආසන්න සෞඛ්‍යමය තත්වයන් පිළිබඳ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් මෙසේ පැහැදිළි කරන ලදී.


ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)