ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනී ගැන අලුත්ම ආරංචියක්..''කරලා පෙන්නන්නම් එදාට කතා කරමු...''

Cinema Lead Jackson Anthony SL Actress Gossips
By Aruna Sep 27, 2023 06:06 AM GMT
Report

ප්‍රවීන රංගවේදී ජැක්සන් ඇන්තනී මීට මාස කීපයකට පසුව හදිසි අනතුරකට ලක්ව මේ වනතෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව හැමෝම දන්නා කාරණයක්.

හැබැයි, ඔහුගේ තත්ත්වය පිළිබඳව මාධ්‍යවල විවිධ තොරතුරු පළ වන වකවානුවකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඔහුගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්ධර තම පියානන්ගේ තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළා.

ඒ නැඟුණු ප්‍රශ්නයකට දිගු පිළිතුරක් ලබාදෙමින්....

''....දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා.විවිධ කතන්දර තියෙනවා.

අපිට ඒවා අදාළ නෑ.හේතුව අපි කරන ක්‍රියාවලිය, මං කියන්නෙ දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් කියවන්නෙ නෑ.

ජැක්සන් ඇන්තනී කියන්නෙ වැඩ ගොඩක් කරන මනුස්සයෙක්නෙ ඒත් අහලා බැලුවොත් එහෙම, හැම පවුලේ කටයුත්තකටම අපේ නෑදෑයෝ ඔක්කොගෙම අපේ අම්මගෙ අම්ම ද හැම කෙනෙක්ම බලන්න එක්කන් ගියා.

යන හැම වෙලාවකම කියපු දේ තමයි මේවා දකිනකොට තමයි අපේ ළමයි අපිව බලාගන්නෙ කියලා.

මේ වෙලාවෙ අපි කරන දේවල් සියල්ලම දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් හින්දා ඒවා මහ ලොකු වැඩ නෙවෙයි.

මට ප්‍රශ්න කෝටියක් තියෙනවා කියලා උදේට ශූටින්වලට ගිහින් කියනවා නම් මම ඊයේ අරෙම මෙහෙමයි කියලා ඒකෙන් වැඩක් නෑ.

ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල්වත් කිසිම දෙයක් එහෙම කතා නොකරන හේතුව, ඒක අපේ ගුණයක් කියලා නොදන්නා අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඒ හින්දා එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ.

ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේද ඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේද හෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේද අපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා...කරලා පෙන්නන්නම් එදාට කතා කරමු...''

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%