ජීවිත 50 ක් අහිමි වූ ඉතියෝපියානු නාය යෑම.. තවත් මරණ ඉහළ යෑමේ අවදානමක්...

Land Sailing
By Sithumini Jul 23, 2024 07:18 AM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report

මේ වන විට ඉතියෝපියාවේ සිදුවූ දරුණුතම නාය යෑම හේතුවෙන් මිය ගිය ගණන 50 දක්වා වැඩිවී තිබෙනවා.

මෙම නාය යෑම සිදුව තිබුණේ පසුගිය 21වනදා එරට ගෝෆා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ශාවත් සමගයි. එමෙන්ම තවත් පිරිසක්ද මෙමගින් තුවාල ලබා තිබෙනවා.

තවදුරටත් සහන කණ්ඩායම් නාය යෑම්වලින් විපතට පත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට පළාත් පාලන අධිකාරිය පැවසූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් ළමුන් මෙන්ම පොලිස් නිළධාරීන්ද සිටින බව තවදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම ස්ථානයට සිය ගණනක් ජනයා පැමිණ සිටින අතර ඔවුන් සිරවී සිටින පිරිස් මුදා ගැනීමට එම නාය ගිය ප්‍රදේශය හාරමින් සිටින අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගෝෆා යනු අගනුවර වන අඩිස් අබාබා සිට නිරිත දෙසින් කිලෝමීටර 320 (සැතපුම් 199) පමණ දුරින් පිහිටා ඇති දකුණු ජාතීන්, ජාතිකත්වයන් සහ මහජන කලාපය (SNNPR) ලෙස හඳුන්වන ප්‍රාන්තයේ කොටසක් වනවා.