එට්නා සක්‍රීය වෙයි - ගුවන් ගමනුත් අවලංගු වෙයි.

Italy
By krishani Aug 14, 2023 04:44 PM GMT
Report

ඊයේ (13) ඉතාලියේ එට්නා ගිනි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හේතුවෙන් ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ ඇති සිසිලියේ කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද අවලංගු කර ඇත.

එලෙස සක්‍රීය වූ ගිනි කන්දෙන් අළු සහ දුමාරය පිටවන බව මාධ්‍ය වාර්තා කළේ ය.

ගිනි කන්දෙන් පිටවන අළු විසිරීම හේතුවෙන් කැටානියා නගරාධිපති එන්රිකෝ ට්‍රැන්ටිනෝ ඉදිරි පැය 48 තුළ යතුරුපැදි සහ බයිසිකල් භාවිතය ද තහනම් කර තිබෙනවා.

ඒ මාර්ගවල ලිස්සන සුළු තත්ත්වයක් පවතින බව සහ අනතුරු සිදුවීම වළක්වා ගැනීම සඳහා ය.

කෙසේ වෙතත්, පසුගිය මැයි 21 වැනිදා ද එට්නා ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් කැටානියා ගුවන් තොටුපළ දිනකට වසා දමන ලදී.