ඉසුරුගේ හඬපටය ගැන බන්ධනාගාරයෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Sithumi Nov 22, 2022 02:13 PM GMT
Report

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඉසුරු බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ‍යෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දුරකථන හඬපටයක් පිළිබඳව අති‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සැකකරු රඳවා සිටින විශේෂ සිර මැදිරිය බන්ධනාගාර නිළධාරීන් යොදවා සෝදිසි කර ඇති අතර, එහිදි ජංගම දුරකථනයක් හෝ වෙනත් නීති විරෝධි කිසිවක් හමු වි නොමැති බවත් සැකකරු බැලීමට පාර්ලිමෙින්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නව මැගසින් බන්ධනාගාරයට පැමිණ නොමැති බවත් බන්ධනාගාර අධිකාරි වාර්තා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

සිදුවීම සම්බන්ධ‍යෙන් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර, එම ප්‍රකාශය මඟින් සැකකරු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර අධිකාරි විසින් වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now