ඉසුරුගේ හඩ පටයකුත් එළියට එයි

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sewvandhi Nov 21, 2022 07:54 AM GMT
Report

මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා ලෙස සැලකෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාගේ දුරකථන හඬපටයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයෙකු සමග සිදුකරනු ලබන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට වාර්තා වී ඇති බවය.

හඬපටය සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නැමැත්තාගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන ඇති බව වාර්තා වේ. සමාජ මාධ්‍යයේ සංසරණය වන එම හඬපටය බන්ධනාගාරය තුළදී සිදුවූ සංවාදයක් නොවන බව ඉසුරු බණ්ඩාර නැමැත්තා එහිදී සඳහන් කර ඇත.

කෙසේවෙතත් එම හඬපටය කුමක් ද කුමන දුරකථනයකින් කවදා සිදුවූ සංවාදයක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now