පලස්තීන් ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර රැසක්

Israel
By Madheeha_Naz May 11, 2023 06:48 AM GMT
Report

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රමුඛ පෙළේ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

ඊයේ දිනයේ ගාසා තීරයේ සිටින සටන්කාමින් විසින් ඊශ්‍රායලයට 460කට අධික රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දකුණු පෙදෙසේ ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාර එල්ල කල බවයි.

එසේම ඊශ්‍රායල හමුදා ද ගාසා තීරයේ ඉලක්ක 130කට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර මෙය මාස 09කට පසු ගාසා තීරයේ ඇති වූ දරුණුතම ගැටුම ලෙස සැළකෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW