අමු අමුවේ දරුවන් ඇතුළුව දහස් ගණනක් මිනිසුන් ඝාතනය වන හමාස් යුද්ධය ගැන තීරණයක්..

Benjamin Netanyahu Israel Palestine Israel-Hamas War
By Sewvandhi Nov 23, 2023 01:49 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

හමාස් සංවිධානය පවසන්නේ, බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන පරිදි දින හතරක සටන් විරාමයක් පැවැත්වීමට ඊශ්‍රායලය එකග වී ඇති බවයි.

නමුත් ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ඇති බවයි,  බීබීසී පුවත් සේවය පවසන්නේ.

ඊශ්‍රායල් විදේශ අමාත්‍ය එලී කොහෙන් මහතා පවසන්නේ, අද(23) දිනයේ හමාස් සංවිධානය විසින් පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරතැයි අපේක්ෂා වෙන් සිටින බවයි.

Gagana

ප්‍රකාශයට පත් වූ පරිදි ඊශ්‍රායෙලය හා හමාස් සංවිධානය විසින් රඳවා සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරු පනස් දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිරභාරයේ සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 ක් පමණ නිදහස් කිරීමට නියමිතය.