ඊශ්‍රායලයට තවත් තර්ජනයක්..! බිහිසුණු යුද්ධයේ නවතම තත්ත්වය..

Israel Israel-Hamas War
By Sewvandhi Nov 03, 2023 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ලෙබනන දේශසීමාව සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

ඒ, අද (03) ලෙබනනයේ හිස්බුල්ලා නායකයා ඊශ්‍රායල - හමාස් යුද්ධය ගැන පළමුවරට අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඔහු සිය ප්‍රකාශය හෙළිනොකළ ස්ථානයක සිට සිදුකර ඇති අතර ඔහුගේ ප්‍රකාශය බේරුට් නගරයේ විශාල ජනතාවක් නැරඹූ බවයි.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පැවසුවේ ඊශ්‍රායලයට ඔක්තෝබර් 07 වනදා ප්‍රහාර එල්ල කළේ 100%ක් පලස්තීනුවන් බවයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානයට ඔහු සුබ පැතූ බවද සඳහන් ය.

මේ අතර ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ මෙම යුද්ධයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වුවහොත් ඔවුන්ට දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදුවිය හැකි බවයි.