ගුවන් තොටුපළ සෝපානයට ගොදුරු වූ බිරිඳ වෙනුවෙන් පෙරට ආ සැමියා. (VIDEO)

Indonesia Accident
By Wayomi May 04, 2023 11:16 AM GMT
Report

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයක හිදැසකින් වැටී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් වාර්තා වෙනවා.

එලෙස මියගිය කාන්තාව වෙනුවෙන් ක්‍රියා නොකිරීම හා ඇය අනතුරේ හෙළිමේ අවදානම මත සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ගුවන් තොටුපළට එරෙහිව එම කාන්තාවගේ සැමියා විසින් විශාල වන්දියක් ඉල්ලා නඩු මගට යොමුව තිබෙනවා.

ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපානයේ ගොදුරු වූ අයිසියා නමැති කාන්තාව පෙන්වන CCTV දර්ශන මේ වනවිට එරෙට සමාජ මාධ්‍ය තුළද ආන්දොලනයකට තුඩු දී තිබෙනවා.

මුලින්ම ඇය සෝපානයේ සිරවී සිටින බව දැනගන්නට ලැබෙන අතර අයිසියා මහත්මිය සිරවී සිටින විට ඥාතියෙකුට කතා කර ඇති නමුත් ඇමතුම විසන්ධි වී ඇති අතර ඇයගේ සහයට සෝපානය තුළ කිසිදු සන්නිවේදන මාධ්‍යයක් තිබී නොමැති බව වීඩියෝ දර්ශන වල දකින්න ලැබෙනවා.

එමෙන්ම සීසීටීවී දර්ශනවලින් පෙනී ගියේ අයිසියා මහත්මියට එක් අවස්තාවක පිටුපසින් දොරක් විවෘත වී ඇති බවයි, නමුත් ඇය ඒ බව නොදැන සිටි බවද පෙනී යන අතර ඇය සිටියේ සෝපානය ද්විත්ව පැත්තකය.

කෙසේ වෙතත් ඇය ඉදිරිපිට දොර විවෘත කිරීමට පෙර එය ස්පර්ශ කර සමීප වන අවස්ථාවේ සැණකින් අවාසනාවන්ත ලෙස ඇය හිඩැසෙන් වැටි ලෙස මියගොස් තිබෙනවා.

ඇයගේ සොහොයුරා වන රාජා හසිබුවාන් පවසන්නේ අයිසියා නමැති කාන්තාව අතුරුදහන් වීමෙන් පසු CCTV පරීක්ෂා කරන ලෙස පවුලේ අය ගුවන් තොටුපළ කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටි නමුත් ක්‍රියා පටිපාටි නීති උපුටා දක්වමින් කළමනාකාරිත්වය එය ප්‍රතික්ෂේප කළ බවයි.

අනතුරුව දින කිහිපයකට පසු ක්වාලනාමු ගුවන් තොටුපළේ සෝපාන පතුවළකින් වැටී මිය ගොස් සිටි ඇයගේ සිරුර සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ක්වාලනාමු ගුවන් තොටුපළ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ අනාරක්ෂිත සහ පිළිකුල් සහගත තත්වයක් මතුව ඇති අතර පොලිසිය ද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි විද්චෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW