මම නළුවෙක්, ඉංජිනේරුවෙක්, ව්‍යාපාරිකයෙක් විතරයි නෙමෙයි වෘත්තියෙන් ගණිත ගුරුවරයෙක්-ඉෂාර මධුෂාන් (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Dec 13, 2022 05:57 PM GMT
Report

දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීෂ්ගේ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත උගත්, බුද්ධිමත් කඩවසම් රංගන ශිල්පියෙක් වගේම, ඉංජිනේරුවරයෙක් තමයි ඉෂාර මදුෂාන් කියලා කියන්නේ. 

 ඒ වගේම ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කළේ ඉංජිනේරුවරයෙක් විදියට. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉන්න අවදියේදීම තමයි ඔහු සාමාන්‍ය පෙළ ළමයින්ට ගණිතය විෂය උගන්නන්න පටන් ගත්තේ.  

ඉතින් ඒ පටන් ගැන්ම දිගටම කරගෙන ආවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම කාලයක් ඔහු ඩයලොග් ආයතනයේ ඇක්සස් නෙට්වර්ක් ඉංජිනේරුවරයෙක් විදියට වැඩ කළා කියලත් ඔහු කියනවා. නමුත් ඔහු දැන් රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂක ආදරය විඳිමින් ඉන්න නිසාම ගුරුවරයෙක් විදියටත් සේවයක් කරනවා කියලයි ඉෂාර කියන්නේ.  

ඒ වගේම ඔහු රංගනයට පිවිසෙන්නේ අහම්බෙන් වගේ. ඉතින් දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් ලැබුණ ආරාධනයෙන් තමයි ඔහු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඊට කලින් වෙනත් නාලිකා දෙකක අවුරුදු කුමාරයා විදියටත් ඔහු තේරිලා තියෙනවා.  

කොහොම නමුත් මුලින්ම ඔහු රංගන ශිල්පියෙක් විදියට දායක වුනේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයටයි. ඉතින් ඉෂාර මධුෂාන් කියන ගුරුවරයා බොහෝ දෙනෙක් හඳුනගන්නේ රංගන ශිල්පියා නිසා කියලත් ඔහු කියනවා.  

දෙවෙනි ඉනිම දිගු නාට්‍යයක් නිසා ඔහුගේ පළමු නිර්මාණයෙන්ම දිගු කාලයක් ප්‍රේක්ෂකයා සමඟ රැඳෙන්න ඔහුට පුළුවන් වුණා. ඒ නිසාම ඔවුන්ගේ මතකයේ රැඳෙන්න ඔහුට හැකියාවක් ලැබුණා. ඉතින් රංගන ශිල්පියෙක් වීම ඔහුගේ ජීවිතේට ලොකු වාසනාවක් කියලත් ඔහු කියනවා. 

 ඒ වගේම ඔහුට තවත් අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුන නිසා ඉක්මනින්ම ඒකෙ වැඩකටයුතු ආරම්භ වෙයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඕනම කෙනෙක් ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු ඉංජිනේරුවරයෙක් විදියට ලබා ගත් දැනුම හැමදාම ඔහුට ඕන වෙනවාලු. ඒ වගේම ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයටත් අත ගහලයි තියෙන්නේ.  

ඒ ඔහු ඔහුටම කියලා කාර් සේල් එකක් පටන් අරගෙන. ඉතින් ඉංජිනේරුවරයෙක් විදියට වෘත්තිය නොකළත් ඔහුගේ ඒ දැනුම ඔහුගේ අනෙක් කටයුතුවලට අත්වැලක් වුණා කියලත් ඔහු කියනවා. ඉතින් කවදාවත් ඒ දැනුම අපතේ යන්නෙ නෑ කියලයි ඉෂාර කියන්නේ. ඒ වගේම ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක් කියලත් ඔහු කියනවා. 

 නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඒ හැඟීමට තාමත් ඔහුගේ හිතේ ඉඩක් දෙන්න බැරි වුණාලු. ඉතින් ඒ නිසා ඔහු තාමත් ආදරවන්තයෙක් නොවෙයි කියලයි අවසාන වශයෙන් පැවසුවේ