බුරිය විදලා ටැටූ එකක් ගහපු පලියට කෙල්ලෙක් වල් වෙන්නෙ නැහැ-ඉෂානි විජේතුංග (PHOTOS)
දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියලා කියන්නේ. ඉතින් ඕනෑම කෙනෙක් තරුණ කාලෙදි විලාසිතා කරලා ලස්සනට ඉන්න ඕන කියලයි ඇය කියන්නේ. ඒ වගේම අලුත් විදිහෙ විලාසිතා කරන්න ඇය ගොඩක් කැමැතියි කියලත් ඇය කියනවා.
ඉතින් ඒ නිසා ඇය ඇයගේ ශරීරයේ බුරිය ප්‍රදේශය විදලා කරාබුවක් පලඳලා තියෙනවා. ඒක ඇත්තටම ලෝකයේ තරුණ පරම්පරාව අතර ජනප්‍රිය කලාවක් වගේම ලස්සන විලාසිතාවක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම තමයි ඇය ඇයගේ උරහිස ප්‍රදේශයේ මල්වැලක ටැටූ එකක් කරලා තියනවා. ඉතින් ඒ වගේ විලාසිතා කරන්න ඇය ගොඩක් ආස කෙනෙක්.
ඒ නිසාම ඇය මොන විදිහෙ විලාසිතාවක් කළත් කරන්නෙ ඇයගේ අම්මාගේ අවසරය අරගෙන. ඒ වගේම මේ තරුණ වයස හැමදාම තියෙන එකක් නෙවෙයි නිසා මේ කාලය ඇතුළත ඇය කැමැති විදිහට විලාසිතා කරලා සතුටින් ඉන්නලු ඇයට ඕන. කොහොම නමුත් අද ඉන්න තරුණ පරම්පරාව නම් මේ දේවල් ගැන වැරදියට හිතන්නෙ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.









