කුසල්ගේ ප්‍රකාශය සාධාරණ ද? නැද්ද? - විනිසුරු තීරණත් එක්කම අවසානෙදි කප් එකත් ඉන්දියාවටම යන හැටි. ( PHOTOS)

Virat Kohli Sri Lanka Cricket Indian Cricket Team Kusal Mendis ICC World Cup 2023
By Wayomi Nov 06, 2023 08:30 AM GMT
Report

මේ වන විට සමාජ මාධ්‍ය වල සහ ලංකාවේ වගේම ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි දෙනෙක්ගේ කතා බහට ලක්වෙලා තියෙන්නේ 2023 ICC world cup එක ගැනයි.

ඉතින් ඒ අතරේ ඊයේ දිනය කුසල් මෙන්ඩිස් කළ ආන්දෝලනාත්මක කතාවක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතා බහට ලක්වෙලා තියෙනවා.

ඊට යහපත් ප්‍රතිචාර වගේම තවත් සමහරුන්ගේ දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.

ඒ, කෙසේ වෙතත් කුසල්ගේ ආන්දෝලනාත්මක කතාව සහ ඉන්දීය ක්‍රිකට් team එක වංචාවන් ගැන සමාජය මාධ්‍ය තුළම හරි අපූරු විශ්ලේෂණයක් හුවමාරු වෙමින් පවතිනවා.

එම සටහන පහතින්,

Mendis ගේ performance වලයි, උගේ captaincy එකෙයි, උගේ consistency එක ගැනයි අපිට සැහෙන්න ප්‍රශ්ණ තියනවා ඒක ඇත්ත. හැබැයි අද තිබ්බේ බංගලි මැච් එකට කලින් තියන pre match conference එක. එකේදී තමයි ඔය ඉන්දීය මාධ්‍යවේදියෙක් අහන්නේ "කෝලි එයාගේ 49 වෙනි එක්දින ශතකය රැස් කරා, ඔයා ඒකට මේ අවස්ථාවේ සුබ පතනවද?" කියන එක. මෙන්ඩා "මං මොකටද සුබ පතන්නේ?" කියලා කින්ඩි හිනාවක් දාලා උත්තර දුන්නා.

ආයෙත් කියන්නේ මුගේ attitude, perfomance ගැන 1,000 ක් ප්‍රශ්ණ තිබුනත් මු මේ දෙන්නේ ගොඩක් උන්ට media ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන දෙන්න බැරි උත්තරයක්. ඒ කියන්නේ දැන් ලෝකෙම දන්නවා ICC ය අල්ලේ තියන් නටන්නේ (BCCI) ඉන්දීය ක්‍රිකට් බෝඩ් එක. උන් කියන එක තමයි නීති. දඩාර උදාහරණ ඕන නැහැ, සරලවම Asia Cup එකේ India vs Pak මැච් එකට සතියක් තියෙද්දී උන් ඒ මැච් එකට විතරක් reserve day එකක් දැම්මේ උන්ගේ උවමනාව මත. ඊට අමතරව ලෝකේ ඉන්න සුපිරිම commentators ලා ගත්තත් උන් ඔක්කොම මුදල් මත ඉන්දියාවට favorisum කරනවා එකෙන්ම. මැච් වල commentry අහන උන්ට මේ ටික තේරිලා ඇති.

ඊට වඩා joke එක තමයි මේ පාර DRS system එක. ඒකටත් ඈතට දුවන්න ඕන නැහැ. සරලම උදාහරනේ අද කෝලිගේ tip එක. අවුට් නොදුන්නම SA උන් DRS ගන්නවා. Cleary පේනවා bat එකට වදින එක. Ultra edge එකෙත් zig zag එකක් එනවා. හැබැයි අවුට් දෙන්නේ නැහැ. ඒක වෙන noice එකක් detect කරන්නේ කියලා නොදී ඉන්නවා. යකෝ එහෙම ඉතින් වෙන noice වලට ඔව්වා එනවා නම් එහෙව් DRS එකක් මොකටද? අනික අර wide boudnry ගිය බෝලේ, බොලේ බැට් එකේ වැදිලා ගියේ කියපු ගමන් අම්පයර්කාරයා decision එක reverse කරනවා. මොනවාද යකෝ මේ සෙල්ලම්?

ඉන්දියාවේ උන් දක්ෂයි එකේ කතා දෙකක් නැහැ. අවිවාධයෙන්ම උන් මේ පාර world cup එක දිනන්න පට්ට deserve. ඒ එක්කම උන්ට මේ වර්ල්ඩ් කප් එක ගැස්සෙන්න තියන හැම අවස්තාවකදීම, Technical side එකෙන්, decision side එකෙන්, umpires ලගේ side එකෙන් දෙන සපෝර්ට් එකත් අපි අමතක නොකළ යුතුයි. මේ ඔක්කොම සෙට් වෙලා තමයි solid india squad එකක් හැදෙන්නේ. ඉතින් විනිසුරුවන්, Commentrators, මාධ්‍යවේදීන් මේ හැමෝම ඉන්දියානුවන්ගේ පදේට නටන්නේ දැන් ලෝකේ cricket වල වැඩිම cash flow එක තියෙන්නේ ඉන්දියාවේ නිසා වෙන්න පුළුවන්. IPL නිසා ඉන්දීය ක්‍රිකට් බෝඩ් එක අනික් ක්‍රිකට් බෝඩ් වලට වඩා බිලියන ගණන් ආදායම් උපයන තැනක්. ගොඩක් අය දැන් sustain වෙන්නේ මේකෙන්. ඉතින් උන් කියන එව්වට ඔලුව වනනවා. ජිවත් වෙන්න එපැයි.

එතකොට මෙන්ඩිස්ගේ කතාව? දැනට අවුරුදු 7,8 ක් ක්‍රිකට් ගහන මෙන්ඩිස්ට තාම බැරි වුනා කෝටි ගානක IPL contract එකක් ගොඩ දාගන්න. කොහොමත් මේ world cup performance නිසා එළඹෙන IPL එකටත් මෙන්ඩිස්ව මොකෙක්වත් ගන්නේ නැති වෙයි. ඉතින් mendis ට Nothing to lose. උට ටීම් එකේ ඉන්න තාක් කල් SLC එකෙන් monthly salary එක වැටෙයි. එහෙව් එකේ කෝලි උගේ 49 ODI Century එක ගැහුවට මූ සුබ පතන්නේ මොකටද? මුගේ cricket idol එක කෝලි වුනා නම් ඔන්න කමක් නැහැ. අනික මූ කෝලි එක්ක කරට කර century දාගෙන උට වඩා සෙන්චරි දෙක තුනක gap එකක ඉන්න එකෙක් නම් කමක් නැහැ. ඒ මොකුත්ම නැති මු, ඉන්දීය මාධ්‍යවේදියාගේ මල්ලේ පොල් ප්‍රශ්නෙට කන හරහා මොලේට යන උත්තරයක් දුන්නු එක එකෙන්ම අගය කල යුතුයි.

මන් ආයේ ආයෙත් කියන්නේ, මුගේ performace අනන් මනං වල ප්‍රශ්න තිබ්බත්, කොහෙවත් ඉන්න ඉන්දියන් උන්ට බයේ, උන්ගේ සුපින් ආතල් වලට හිනා වේවි නටන ගොඩක් පරිණත ක්‍රීඩකයෝ මයික් එකයි කැමරාවයි ඉස්සරහා හැසිරුණ එකට වඩා අපේ මෙන්ඩිස් උතුමාණන් අද හැසිරුණු විදිහට එකෙන්ම පක්ෂයි. ඒ කාලේ සංගලා මහේලලා ගහන කොට තිබ්බ ක්‍රිකට්, සහ ඒ කාලේ camera ඉස්සරහා දාගෙන හිටපු gentalmen ක්‍රිකට් දැන් නැහැ. ඒ ඒ කාලේට, ඒ ඒ හැන්දෙන් බෙදන්න ඕන ක්‍රිකට් ආයේ තිබ්බ තැනට ගන්න නම්. එච්චරයි!  

සටහන - (හම්සා හනීෆා) 



ඇයි මම කෝලිට සුබ පතන්න ඕනී.. මෙන්ඩිස් කියපු ආන්දෝලනාත්මක කතාව ක්‍රිකට් ලෝකයම කළබයි..

ඇයි මම කෝලිට සුබ පතන්න ඕනී.. මෙන්ඩිස් කියපු ආන්දෝලනාත්මක කතාව ක්‍රිකට් ලෝකයම කළබයි..


GalleryGallery