ඩියෝඩ්‍රන්ට් සෞඛ්‍යට අහිතකරද ? පාවිච්චි කරන අනිවාර්යයෙන්ම බලන්න.

By Wayomi Jul 18, 2023 05:03 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් දෙනෙක්ට face cream එක, ෂැම්පු එක වගේ වටිනා දෙයක් තමයි ඩියෝඩ්‍රන්ට් එක. බැරිවෙලාවත් ඩියෝඩ්‍රන්ට් ගන්න අමතක වෙලා පාරට බැස්සොත් බාගෙට ඇඳුම් ඇඳන් ගියා වගේ හැඟීමක් දැනෙන්නේ.ඒ තරමටම ඔබ ඒකට ඇබ්බැහිවෙලා නේද? හැබැයි ඩියෝඩ්‍රන්ට් වල අඩංගු කර ඇති ඇතැම් රසායනිකයන් නිසා ඔබ පියයුරු පිළිකා, වකුගඩු රෝග හෝ අසාත්මිකතාවන්ට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා.

ඒ නිසා මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු ඩියෝඩ්‍රන්ට් භාවිතය නතර කරන්න. ඩියෝඩ්‍රන්ට් මිලදී ගැනීමේදී ලේබලයේ අඩංගු ද්‍රව්‍ය තීරුව නිරීක්ෂණය කර බලන්න අමතක කරන්න එපා. මොකද සාමාන්‍යයෙන් මේවා අඩංගු කරන සමාගම් විසින් තම නිෂ්පාදන “environmentally friendly”, “relatively safe” බව අඩංගු බොරු ප්‍රකාශන ලේබලයේ සඳහන් කරනවා.

ඩියෝඩ්‍රන්ට් වල අඩංගු අහිතකර සංඝටක

 🔰 ඇලුමිනියම් ඇලුමිනියම් අඩංගු වන නිෂ්පාදන දිගුකාලීනව භාවිතා කිරීමෙන් ඇල්සයිමර් රෝගය සහ පිළිකා ඇති විය හැකි විය හැකි බව අනාවරණය වෙලා තියෙනවා.

🔰 Parabens Parabens අඩංගු නිෂ්පාදන භාවිතා කිරීමෙන් සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන සංයුතිය වෙනස් කරවනවා. එය පිළිකා අවදානමට හේතුවක්. ලේබලයේ අමුද්‍රව්‍ය තීරුවේ සෘජුවම Parabens යන නාමය නැති වෙන්න පුළුවන්. නමුත් එහි “methyl,” “ethyl,” “propyl,” “benzyl,” හෝ “butyl” යන ද්‍රව්‍ය අඩංගු බව සඳහන් වෙලා තිබුනොත්, ඒ කියන්නේ එම නිෂ්පාදනයේ Parabens අඩංගු වෙනවා.

🔰 Triclosan Triclosan කියන්නේ සමට අහිතකර රසායනිකයක්.

🔰 Antiperspirant වර්ග භාවිතයත් නතර කරන්න සාමාන්‍ය deodorant වලින් නැති කරන්නේ සිරුරේ දුගඳයි. නමුත් Antiperspirant වලින් දහදිය දැමීම වළක්වනවා. දහඩිය දැමීම අවහිර කිරීමෙන්, දහදිය හරහා සිරුරේ අඩංගු හානිකර විෂ ද්‍රව්‍ය මුදා හරිම නතර වෙනවා. සමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න බව රැකගන්න දහදිය දැමීම අත්‍යවශ්‍යයි. මේ නිසා Antiperspirant ලෙස සටහන්ව ඇති නිෂ්පාදන මිලදී ගන්න එපා.

🗯️ සමහර අයට ඩියෝඩ්‍රන්ට් හෝ එහි අඩංගු අමුද්‍රව්‍ය නිසා අසාත්මිකතා ඇති වෙනවා. පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය ප්‍රොපිලීන් ග්ලයිකෝල් (ඩියෝඩ්‍රන්ට් සැරයට එහි හැඩය ලබා දෙන රසායනික ද්‍රව්‍යයක්), සගන්ධ තෙල් (සුවඳ සඳහා නිතර භාවිතා වන), ජීව විද්‍යාත්මක ආකලන, පැරබීන්, විටමින් E සහ ලැනොලින් වැනි අමුද්‍රව්‍ය නිසා විය හැකි බවයි. එමෙන්ම බොහෝ හේතු සහිතව, ඔබේ අසාත්මිකතාව ඇති කරන්නේ කුමන අමුද්‍රව්‍ය ද යන්න සොයා ගැනීම සංකීර්ණ විය හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ.