හිජාබය පැළඳ නොසිටි නොසිටි කාන්තාවන් දෙදෙනෙකුට ප්‍රහාරයක් - කැමරා කාච කාචයේ සටහන් වූ දර්ශන සහිතයි - (CCTV VIDEO)

Iran
By Sewvandhi Apr 02, 2023 02:28 PM GMT
Report

ඉරානයේ හිජාබය නොපැළඳීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකුට යෝගට් වැනි ආහාර ද්‍රව්‍යයකින් ප්‍රහාරයක් එල්ල කළ පුවතක්  වාර්තා වෙයි.

වෙළෙඳසැලක සිටි මෙම ඉරාන කතුන් දෙදෙනාට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි.

එම අවස්ථාව වෙළඳසැලේ සීසීටීවී කැමරාවක පටිගත වී තිබුණා.

හිස ආවරණය නොකිරීමේ වරදට මේ වනවිට එම ඉරාන කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද ප්‍රසිද්ධියේ කලහකාරීවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now