බාලිකාවන්ට වස දී පාසල් වසා දැමීමේ කුමන්ත්‍රණයක්.. භයානක හෙළිදරව්වක්..
Iran
Accident
By Aruna
ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ඉරානයේ ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසනවා.
ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමක් බවයි පැවසෙන්නේ.
මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙනි.
‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පැවැසෙයි.
විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙයි.
බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |