ජෝර්දානයේ අමෙරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක්

Missile Israel Jordan Sinhala news Puwath.lk Iran-Israel War
By R.rishma Jul 13, 2026 05:20 AM GMT
Report

ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රහාර හේතුවෙන් කඳවුර තුළ පිහිටි ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් හටගෙන ඇති බවයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර ලෙස සිදුකර ඇති බව සඳහන් වේ.

මේ අතර, අමෙරිකානු සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ තවත් දින 60ක සාකච්ඡාවලින් අනතුරුව ගැටුම අවසන් කිරීම අරමුණු කර ගනිමින් පසුගිය මාසයේ අත්සන් කළ අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුමේ අනාගතය පිළිබඳව ද සැක මතු වී තිබේ.

එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.