රජයේ නව පනත් කෙටුම්පතකට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි
Supreme Court of Sri Lanka
Sri Lanka Government
22nd Amendment
Sinhala news
NPP Government
By R.rishma
රජය විසින් ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ, නිලන්ත සත්සර ගමගේ සහ මිලින්ද රාජපක්ෂ යන්නන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති මගින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටද බලපෑම් එල්ල වන බවයි.
එබැවින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නොව, ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.