IPL තරග ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ තරගය මෙන්න..100 දෙකක් එකම තරගයේ..

Virat Kohli Cricket IPL 2024
By Aruna Apr 07, 2024 03:06 AM GMT
Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම පරදවා කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (06) දින රාත්‍රියේ සමත් වුණා.

මෙවර තරගාවලියේ පළමු සහ දෙවන ශතක දෙකම මෙම තරගයේදී වාර්තා වීමත් විශේෂත්වයක් වනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රාජස්ථාන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

හරියටම තව දින 100යි..හැමෝම සූදානමින් ඉන්න..

හරියටම තව දින 100යි..හැමෝම සූදානමින් ඉන්න..


ඒ අනුව, පිටියට පිවිසි බෙන්ගලුරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 183ක් ලබා ගනු ලැබීය.

එහිදී විරාට් කෝලි නොදැවී ලකුණු 113ක් පන්දු 72කින් රැස්කල අතර, එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකයද වීම විශේෂත්වයක්.

එමෙන්ම එය විරාට් කෝලි ලබා ගත් 09වන විස්සයි විස්ස ශතකය වනවා.

ඔහුට එම ශතකය රැස් කිරීම සදහා පන්දු 67 ක් වැය වූ අතර, එයට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් ලකුණු 34කට කඩුළු 02ක් දවාගනු ලැබීය.

ඒ අනුව, රාජස්ථාන් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සම්පුර්ණ කිරීමට හැකිවිය.

එහිදී මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවන ශතකය රාජස්ථාන් කණ්ඩායමේ ජෝස් බට්ලර් විසින් වාර්තාකල අතර ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 58ක් .

මෙම තරගයේදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකිරීමට ජොෂ් බට්ලර් සමත් වූ අතර, ඔහු පන්දු 58කට මුහුණදෙමින් නොදැ ලකුණු 100ක් රැස්කිරීමට සමත් වුණා.

බට්ලර් මෙම ශතකය සම්පූර්ණ කරගත්තේ කණ්ඩායමේ ජයට එක් ලකුණක් ඉතිරිව තිබීයදී වූ අතර, ඒ වනවිට ඔහු ලකුණු 94ක් රැස්කරගෙන තිබුණි.

ඒ අනුව ඔහු තරගයේ 19.1වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් කණ්ඩායමේ ජය මෙන්ම සිය ශතකය සම්පූර්ණ කරගත්තා.

මෙම තරගය බට්ලර්ට විශේෂිත තරගයක්ද වූ අතර, ඔහු ක්‍රීඩාකළ 100වැනි අයි.පී.එල්. තරගය මෙය විය.

ඒ අනුව 100වැනි අයි.පී.එල්. තරගයේදී ශතකයක් වාර්තාකළ දෙවැනි පිතිකරුවා මෙන්ම එවැනි දස්කමක් දැක්වූ පළමු විදෙස් පිතිකරුවා ලෙස ඉතිහාගත ගතවීමට බට්ලර්ට අවස්ථාව උදාවුණා.

මීට පෙර මෙම දස්කම දක්වා තිබුණේ වත්මන් ලක්නව් සුපර් ජයන්ට්ස් නායක කේ.එල්. රාහුල්ය.

2016 වසරේදී අයි.පී.එල්. වරම් දිනාගත් බට්ලර්, මේ වනවිට ලකුණු 3358ක් රැස්කරගෙන සිටියි.

ඔහු මේ දක්වා ශතක 06ක් හා අරධ ශතක 19ක් වාර්තා කර ඇත.

රාජස්තාන් ජය වෙනුවෙන් නායක සංජු සැම්සන්ද පන්දු 42කට මුහුණ දෙමින් ලකුණු 69ක් රැස්කිරීමට සමත් වුණා.

මෙම තරගයේ වීරයා වශයෙන් නම් කෙරුනේ රාජස්ථාන් කණ්ඩායමේ ජෝස් බට්ලර්වයි.