ලංකාවේ ඔබත් පරිස්සමෙන්.... ප්‍රංශයේ රජයෙන් ප්‍රංශයේ iPhone 12 මාදිලියේ සියළුම දුරකථන අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කරයි...
ප්‍රංශයේ රජයෙන් ප්‍රංශයේ iPhone 12 මාදිලියේ සියළුම දුරකථන අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ iPhone 12 ජංගම දුරකථන මිනිස් සිරුරට අහිතකර මට්ටමේ විද්‍යුත් චුම්භක විකිරණ පිටකිරීමයි.
පසුගිය දිනෙක ප්‍රංශයේදී අහඹු ලෙස ජංගම දුරකථන 141 ක් යොදාගෙන පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම දුරකථන අතර තිබූ iPhone 12 දුරකථන සම්මත radio frequency මට්ටමට වඩා 40% වැඩිපුර තරංග නිකුත් කරන බවට අනාවරණය වී තිබෙන අතර එමනිසා මෙලෙස iphone 12 සියලූම දුරකථන අලෙවිය ප්‍රංශය තුල තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.
එම වාර්තාවේ සඳහන් වන පරිදි ලෝක සම්මුතීන් අනුව දුරකථනයක් කන අසල තබාගෙන කතා කරන විට ශරීරයට අවශෝෂණය කරගැනීම සඳහා පිටවිය යුතු සංඛ්‍යාත මට්ටම 2 Watts per Kilogram විය යුතු අතර දුරකථනය සාක්කුවක් වැනි ස්ථානයක තබාගෙන සිටින විට පිටවිය යුතු සම්මත සංඛ්‍යාත අගය 4 Watts per Kilogram විය යුතු වනවා
iphone 12 දුරකථනය මඟින් 5.74 Watt per Kilogram පමණ සංඛ්‍යාතයක තරංග පිටකරනු ලබන බවයි මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ. මේ නිසා මෙලෙස iPhone 12 දුරකථන අලෙවිය තහනම් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම ගැටලුව මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හරහා විසඳාගැනීමට නොහැකිනම් එරට අලෙවි කර ඇති සියළුම iPhone 12 නැවත කැඳවිය යුතු බවට Apple සමාගමට ගුවන් විදුලි සංඛ්‍යාත පාලනය කරන ප්‍රංශ ආයතනය වන ANFR ආයතනය විසිම් දැනුම් දී තිබෙනවා.
නමුත් Apple සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ ඔවුන්ගේ iPhone 12 දුරකථන වලින් පිටවෙන්නේ 0.9 Watts per Kilogram තරම් අඩු අගයක් බවයි. කෙසේනමුත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ලොව පුරා ආසන්න වශයෙන් iPhone 12 දුරකථන මිලියන 100 පමණ අලෙවි වී ඇති බවයි.
එම නිසා ඉදිරියේදී ලොව පුරාම දැඩි සෞඛ්‍ය ගැටලු ජනතාව තුල ව්‍යාප්ත වීමට හැකිබව ඔවුන් පවසයි. මේ හේතුව නිසා ප්‍රංශය Apple සමාගම වෙත අවධාරණය කරනු ලබන්නේ මෙම අඩුපාඩුව සකසා ගැනීමට ඔවුන් ක්‍රියාකල යුතු බවත් මේ වනවිට භාවිතා කරන සියලූම iPhone 12 දුරකථන නැවත ඔවුන් කැඳවිය යුතු වනවා.
එසේම මේ වනවිට ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය සහ බෙල්ජියම ආදී යුරෝපීය රටවල් ප්‍රංශය විසින් ගත් මෙම තීරණය අනුව යමින් iPhone 12 අලෙවිය තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
- සිතුමි -
.....................................................
You may like this video -: