පෙට්‍රල් පාරිභෝගිකයින්ට සුභ ආරංචියක් - අද සිට පෙට්‍රල් මිල පහළට
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 399ක්ය.
එමෙන්ම රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් වේ.
නමුත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බවයි.
මීට අදාළ මිල ගණන් පහතින්,

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පහළ දැමීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත .
ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ.