මෙරටින් පැන ගිය 132 කට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන..!

Sri Lanka Ajith Rohana Interpol drug dealer red Notice
By Sewvandhi Mar 27, 2022 01:46 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

මෙරටින් පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 132කට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඩුබායි හි සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ජාවාරම්කරුවන් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවය.

මේ අතර, ගත වු වසර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 95,000ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙරොයින්, ගංජා සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව 2021 වසරේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,630ක තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. ගංජා කිලෝග්‍රෑම් 15,000කට අධික ප්‍රමාණයක් සහ මෙතැන්පිටමීන්  ඇතුළු කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 377ක තොගයක් අදාල වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා පැවසුවේය.

මේ වසරේ ගත වූ කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now