අන්තර්ජාලයෙන් මුදල් ගැරූ චීන ජාතිකයින් 39ක් අල්ලයි..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
අලුත් කම පොලීසිය සදහන් කළේ, අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මාස කිහිපයකට පසුව සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම් වලින් කෝටි ගණන් මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
අද (1) සමාගම හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම චීන ජාතිකයින් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනෙකුගේ පුද්ගලික බස් රථයකින් අලූත්ගම පොලිසිය වෙත රැගෙන ගිය අතර නඩු භාණ්ඩ ලෙස පරිගණක හා ඉතා ඉහළ මිල ගණන් වල ස්මාර්ට් ජංගම දුරකථනය සහ මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |