ලොව පුරා මේවන විට වැඩිම බලපෑමක් එල්ලවී ඇති කාරණය..

Indian Broadcasting Network Google Social Media
By Sithumini Jul 19, 2024 02:04 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. එහිදී ප්‍රධාන බැංකු, ගුවන් මෙහෙයුම් හා ගුවන් ගමන්, ප්‍රවාහන, රෝහල්, මාධ්‍ය ආයතන සහ සුපිරි වෙළෙඳසැල් ඇතුළු ආයතන රැසක කටයුතුවලට මේ වන විට දෑඩි බලපෑම් එල්ලවීතිබෙනවා.

ස්කයි නිව්ස් මාධ්‍ය ආයතනය වෙතද මේවන විට බලපෑම් එල්ලවී ඇති බව සදහන්. අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් මීට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් පරිගණකවල සයිබර් ආරක්ෂණය සදහා එම මෘදුකාංගය භාවිත කෙරෙනවා.

එහි යාවත්කාලීන කිරීමක් අතරතුර මෙම දෝෂය හටගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවට මෙහි විශාලම බලපෑම එල්ල වී තිබුනා.