අන්තරේට යළිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර - ප්‍රහාර නොතකා, අන්තරේ තවත් පා ගමනක් අරඹයි..! (VIDEO)

Sri Lankan protests Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 18, 2022 11:22 AM GMT
Report

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදීත් පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මීට පෙර කොළඹ මල් පාර ආසන්නයේදී ද මෙම විරෝධතාවට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

 අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ තවත් සිසුන් පිරිසක් ඇතුළු විශාල විරෝධතාකරුවන් පිරිසක් බොරැල්ල කනත්ත වටරවුමේ සිට කොළඹ ලිප්ටන් වටරවුම දෙසට පැමිණියා.

ඔවුන් මෙලෙස ඉදිරියට ගමන් කරමින් සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකරමින් සිටින පසුබිමකය.

මේ වන විට අන්තරේ පා ගමන දෙමටගොඩ දෙසට ගමන් කරමින් තිබෙනවා. මෙම විරෝධතාවය විරෝධතාවයට සහභාගී වීමට කැමති අයට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ලඟට එක්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now