ජනතාවට තොරතුරු දෙන මාධ්‍යයට ඇයි මෙහෙම කළේ?. ගගන මාධ්‍යවේදීන්ට ජ'පුර සරසවියේ දී සිදුවුණ දේ.. (VIDEO/PHOTOS)

Sri Lanka Police University of Sri Jayawardenapura SL Protest Latest Headlines Decision Making
By krishani Jan 17, 2024 01:27 PM GMT
Report

අද (17) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා පාගමනක් ආරම්භ කළේ ය.

විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO)

විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් - එහි නවතම තොරතුරු මෙන්න.. (VIDEO)


එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණි තිබෙනවා.

එහිදී පොලිසිය විසින් විරෝධතා පා ගමන විසුරුවා හැරීමට මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද දින කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා භාවිත කළ නොහැකි බවට අධිකරණය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර, ජනතාවට නිරන්තරයෙන් අවැසි තොරතුරු එසැනින් ලබා දීම මාධ්‍යයෙහි වගකීමක් මෙන්ම වගවීමක් වේ.

එහි වාර්තාකරණය සඳහා ගොස් සිටි ගගන අප මාධ්‍යවේදීන් හට ජල ප්‍රහාර මෙන්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් තුවාල ලබා ඇති අතර එහි රැගෙන ගිය කැමරා උපකරණ වලට ද අලාභ හානී වීය.

මාධ්‍යයෙහි හෙට දවස මේක ද?.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.

Sponsored By Sarrita Jewellery

ජනතාවට තොරතුරු දෙන මාධ්‍යයට ඇයි මෙහෙම කළේ?. ගගන මාධ්‍යවේදීන්ට ජ

GalleryGallery