අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ දැවැන්ත විරෝධයට ජල ප්‍රහාරයක්..!(VIDEO)

Sri Lankan protests Sri Lanka Inter University Students Federation
By Sewvandhi Jul 21, 2023 08:54 AM GMT
Report

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර ඇත.

ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර තිබුණි.